වසර 35ක සිරදඬුවමක් විඳින රේගු නිලධාරීන් සිව්දෙනෙකුගෙන් අභියාචනයක්

කොළඹ මහාධිකරණය විසින් පසුගිය නොවැම්බර් 06 වන දින තමා වෙත නියම කළ වසර 35 බැගින් වූ සිරදඬුවම් ඇතුළු දණ්ඩනය නියෝගය නිෂ්ප්‍රභාකොට එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයකුගේ රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ලබාගැනීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ හිටපු රේගු නිලධාරීන් සිව්දෙනා අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ගොනු කරනු ලැබුවා.

නීතිඥ චාමර වනිගසේකර ඇතුළු නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබූ එම අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කොට තිබෙනවා.

අල්ලස් කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව පොදුවේ චෝදනා නගමින් චෝදනා 14ක් යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

2015 වසරේ දී සිදුවූයේ යැයි කියන එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ එම නඩුව සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත් වූ කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බළල්ලේ විත්තිකරුවන් හතරදෙනාම එම චෝදනාවලට වරදකරුවන් බවට නිගමනය කොට වසර 35 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණා.

ලංකා ගමනා ගමට මණ්ඩලයට අවශ්‍ය වාහන අමතර කොටස් සපයන ගල්හේනගේ බන්දුසේන නමැති ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 150ක් අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 125ක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ සහකාර රේගු අධිකාරීවරයෙකු, රේගු අධිකාරීවරුන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව ගොනු කර තිබුණා.

එම විත්තිකරුවන් ලෙස නම් කර තිබුණේ මල්දෙනියගේ දොන් උපාලි ගුණරත්න පෙරේරා, හේවා රාජගේ වසන්ත විමලවීර, උපාලි සෙනරත් වික්‍රමසිංහ හා සුධීර පරාක්‍රම ජිනදාස යන අයයි.

එම නඩුව මහාධිකරණයේ හමුවේ ප්‍රථමයෙන් පවරන විට එක් විත්තිකරුවකු ලෙස නියෝජ්‍ය රේගු අධිකාරීවරයකු ලෙස කටයුතු කළ ජගත් ගුණතිලක නමැත්තා විත්තිකරුවෙකු ලෙස නම් කර තිබූ නමුත් ඔහු මිය යාම නිසා චෝදනා පත්‍රය සංශෝධනය කර ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසම් සභාව පියවර ගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14