Empty Ad
AFC Banner
Empty Ad

බාලවයස්කාර පුතා සමඟ කුඩු ගැසූ මව බණ්ඩාරවෙල පොලිස් අත්අඩංගුවේ

හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටි කාන්තාවක්, ඇයගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් බණ්ඩාරවෙල පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල, හීල්ඔය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු තැනැත්තිය 38 හැවිරිදි වියේ පසුවන අතර, ඇයගේ පුත්‍රයා 16 හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු පුත්‍රයාගේ මිතුරන් දෙදෙනා 14 සහ 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමට සමගාමීව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකාර කාන්තාවගේ සැමියා විදෙස් ගතව සිටින අතර, මඟ හැරුණු ඇමතුමකට (මිස්කෝල්) අනුව හඳුනාගත් පුද්ගලයෙකු සමඟ මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ අයෙක් වන අතර, ඔහු මත්කුඩු පානය සහ අලෙවි කිරීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහුව නිරන්තරයෙන් තම නිවසට ගෙන්වා ගැනීමට සැකකාර කාන්තාව හුරුව සිට ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර තුර සැකකාරිය විසින් නිවසේ තිබූ වටිනා භාණ්ඩ පවා අලෙවිකර මත්ද්‍රව්‍ය පානයට හුරුව ඇති අතර, ඇයගේ සැමියාට මේ සම්බන්ධයෙන් තොරතුරු ආරංචි වී ඔහු යළි ලංකාවට පැමිණ පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව සිදුකළ විමර්ශනවලින් පසු සැකකාර කාන්තාව සහ බාලවයස්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති පොලිසිය එහිදී හෙරෝයින් මිලි ග්‍රෑම් 3650ක් ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව මොවුන් විසින් මත්ද්‍රව්‍ය පානය කරන වීඩියෝ දර්ශන ද ජංගම දුරකථනයක තිබී පොලිසිය හමුව ඇති බවයි වාර්තා වුණේ.

සැකකාරිය මේ වනවිට රඳවා තබාගෙන ප්‍රශ්නකරන අතර, ඇය අනියම් සම්බන්ධතාව පවතවාගෙන ගිය බව කියන මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?