පාසල්වල අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වන දින සිට සිදුනොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
2022 වර්ෂයට අදාළව තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම ලබන සඳුදා (05) සිදු කෙරෙනවා.
ඒ, අනුව ලබන වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ මෙම වසරේ තුන්වන පාසල් වාරය අවසන් වන ලබන වසරේ මාර්තු 24 වන දිනෙන් පසුව බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
පාසල්වල පවතින පුරප්පාඩු මත යොමු කරනු ලබන අයදුම්පත් සළකා බැලීමෙන් පසුව එය සිදු කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබෙනවා.
මේ අතර, මෙම වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරා නොමැති පාසල්වල සිසු සිසුවියන් විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත් අදාළ පාසලටම යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.
එම ඉල්ලුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු නොකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.