95 වන ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 95 වන වරටත් පැවති ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (02) අවසන් වුණා.

දින තුනක් පුරා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 324ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 325ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළේ.

ඒ, අනුව නාලන්ද ඉනිමට වඩා එක් ලකුණක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්හ කළ ආනන්ද කණ්ඩායම අවසන් දිනය වූ අද දින නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස්කරගෙන සිටියා.

ඒ, අනුව මෙම තරග ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

විද්‍යාල දෙක අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ 76 වන අවස්ථාව මෙය වනවා.

මේ දක්වා පවත්වා ඇති තරග අතරින් තරග 12ක් ආනන්ද විද්‍යාලය ජයගෙන ඇති අතර, තරග 07ක ජය හිමිව ඇත්තේ නාලන්දා විද්‍යාලයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51