පාන් පිටි මිල තව අඩුකලහොත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකළ හැකියි

පාන් පිටි සමාගම් සහ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද (26) පස්වරුව වෙළඳ අමාත්‍යාංශය දී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට බේකරි හිමියන්ගේ සංගමය ද සහභාගි වුණා..

සාකච්ඡාවෙන් අනතුරුව පාන් පිටි ආනයන සමාගම් ප්‍රකාශ කළ සිටියේ ඔවුන්ට පාන් පිටි මිල අඩු කර නොමැති බවත් පාන් පිටි කිලෝවක් ලබාදිය හැක්කේ 280 ක මුදලකට බවත් අද සාකච්ඡාව අසාර්ථක වූ බව ද ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවට සහභාගි වූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති M.K ජයවර්ධන මාධ්‍යටය අදහස් පළ කරමින් කියා සිටියේ සාකච්ඡාව සාර්ථක බවත් තව පිටි මිල අඩු කරහොත් පාන්වල මිල අඩු කිරිමේ හැකියාවක් ඇති බවයි.

අවසන් වරට පාන් පිටි කිලෝ එක 280 මට්ටමට තිබියදී ඔවුන් පාන් මිල වැඩි කර බවත් පිටි මිල තවදුරටත් අඩු වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කිරීමේ හැකියාව තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?