ශර්මාගේ සුපිරි පිතිහරඹයෙන් තැඹිලි හමුදාවට විශිෂ්ට ජයක්

අභිෂේක් ශර්මාගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුලු 08කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 245ක්.

මෙහිදී එෂාන් මාලිංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 45ක් ලබාදී කඩුලු 02ක් දවාගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 246ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි හයිද්‍රාබාද් ආරම්භ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

එහිදී අභිෂේක් ශර්මා සහ ට්‍රාවිස් හෙඩ් එක්ව පළමු කඩුල්ලට ලකුණු 171ක දැවැන්ත සබඳතාවක් ගොඩනැඟුවා.

ට්‍රාවිස් හෙඩ් පන්දු 37ක් තුළ ලකුණු 66ක් රැස් කළ අතර, පිටිය සිසාරා පහර එල්ල කළ අභිෂේක් ශර්මා පන්දු 40 කදී ශතකට සම්පූර්ණ කළා.

ශතකය සම්පූර්ණ කළ අභිෂේක් තමන් සන්තකයේ තිබූ කොළයක ලියා තිබූ දෙයක් ප්‍රදර්ශනය කරන අයුරු දැකගත හැකි වුණා.

“Just felt today was going to be my day” (අද මගේ දවස වෙයි කියලා මට හිතුනා) යනුවෙන් එම කොළයේ ලියා ඇති ආකාරයයි දැක ගැනීමට හැකි වුණේ.

පන්දු 40ක් තුළ රැස්කළ මෙම ශතකය වාර්තා අතරට එක් වුණේ මෙවරට තරගාවලියේ මේ දක්වා පිතිකරුවෙක් රැස්කළ දෙවන වේගවත්ම ශතකය ලෙසටයි.

එතැනින් නොනැවතුණු ශර්මා තැඹිලි හමුදාව ජයග්‍රහණය කරා රැගෙන යමින් පන්දු 55කට මුහුණ දෙමින් ලකුණු 141ක් රැස් කිරීමට සමත් වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 247ක් රැස්කරමින් මෙම තරග ජයගත්තා.

  1. බොරු දාන්න එපා යකෝ. තොපි හිතන්නේ මේවා බලන්නේ බූරුවෝ කියලද? 😅😜😂🤣
    ඒකේ තිබ්බේ “This one’s for orange army” කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50