මහනුවර දිස්ත්‍රික්කයේ උඩු දුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඈත කෙලවරේ තිබෙන මීමුරේ ගම්මානය මනරම් පරිසරයකින් හෙබි අලංකාර ගම්මානයක් ලෙස සංචාරකයින් අතර ප්‍රචලිතය.
කුඹුරු ගොවිතැන, ගම්මිරිස් වගාව, සංචාරක කර්මාන්තය මෙන්ම තමන්ට හිමි ගොඩ ඉඩම් වල විවිධ භෝග වගා කරමින් ස්වයං ආර්ථිකයක් මත ජීවත්වන ගැමියන් පිරිසක් මීමුරේ ගම්මානයේ හා අවට ගම්මානවල වෙසෙති.
නමුත් මේ දිනවල එම ගම්වාසීන් ඉතා දැඩි ප්‍රශ්ණයකට මුහුණ දෙමින් තමන්ගේ අවනඩුව ඉදිරිපත් කිරීමට නොහැකිව දැඩි අසරණතාවයකට පත්ව සිටී. පාරම්පරික ඉඩම් අහිමිවීමේ බරපතල තර්ජනයකට ඔවුන් මේ වනවිට මුහුණ දී සිටී.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධනත්වයෙන් පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී ගම් වාසීන් මෙම ඉඩම් ගැටළුව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණි. නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වනවිට වගා කරමින් තිබෙන ඉඩම් ගම්වාසීන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කරනු ලැබිණ.
නමුත් නොසිතූ ලෙස සිදු වූයේ වෙනකකි. සියළු ඔප්පු අහෝසි කොට බලපත් ලබාදෙනු ලැබිණ. ගැමියන් වගා කල සමහර ඉඩම් අත හැරිණ. මේ පිළිබඳව ගැමියන් විසින් සියළු දේශපාලන අධිකාරීන් වෙත දැන් වීමෙන් පසුව, එම දේශපාලන අධිකාරීන් විසින් විටින් විට මෙම ගැටළුව ප්‍රායෝගිකව විසඳන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් විසින් ඉඩම් ගැටළුව සම්භන්ධයෙන් ගම් වාසීන්ව පීඩා කරමින් මේ වන විටත් නොවෙනස්ව කරගෙන යමින් සිටී.
ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමති තුමනි, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මැතිතුමනි, මහනුවර දිස්ත්‍රික් ලේකම් තුමනි, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් තුමනි, මේ පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමුකොට, මී මුරේ ගම් වාසී ජනතාවගේ ඉඩම් ප්‍රශ්ණයට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන තෙක් දසත ලංකා අපි අවධානයෙන්.