රථ වාහන වැරදිවලට රියදුරන් 8,392 කට එරෙහිව නීතිය තදවෙයි

අද (28) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.

ඒ, අනුව පසු ගිය 23 වනදා සිට සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 8,392 දෙනෙකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,382ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 690ක්, අධිකවේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 98ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් රියදුරන් 59 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57