Empty Ad
AFC Banner
Empty Ad

තියුණු ආයුධවලින් සිව්දරු පියෙක් කපා කොටා ඝාතනය කරලා

වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයට අයත් හොරවල, මල්වතුකන්ද, පැළකැටියා⁣ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (28) රාත්‍රීයේ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කොට ඇත්තේ, පැලකැටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිව්දරු පියෙකි.

මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

පසුව එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු එකවරම මරණකරු වෙත පිහි ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මරණකරු අසල පිහිටි නිවසක් වෙත දිව ගොස් තිබුණා.

ඔහු එම නිවසේ මිදුලේ ඇද වැටීමත් සමගම මොවුන් දෙදෙනා පිහි පාරවල් කිහිපයක්ම මරණකරුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට එල්ල කොට ඇත ඇති අතර ඉන්පසු එම පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහු ප්‍රදේශවාසීන් විසින් මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇතැයි වෑත්තෑව රෝහල පැවසුවා.

මෙම පහර දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් වැලිපැන්න පොලිසිය මගින් හඳුනාගෙන ඇති අතර මෙම පහර දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය ද ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල දමා පලා ගොස් තබිය දී උරණ වූ ප්‍රදේශවාසීන් එම යතුරුපැදියට ගිනි තබා විනාශ කොට තිබෙනවා.

පහර දීම සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය ප්‍රකාශ කරන්නේ, මරණයට පත් පුද්ගලයා මීට පෙර සොරකම් කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකු වන අතර ඔහුගේ දෙවැනි බිරිඳ සමග ඔහු ජීවත් වූ බවත්ය.

මෙම ඝාතනය සඳහා පැමිණි ප්‍රධාන සැකකරු වැලිපැන්න දියඋල්පත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ඝාතනයට පැමිණි පළවෙනි සැකකරුගේ පුත්‍රයා සමග මෙම මරණකරුගේ පළවෙනි බිරිඳ ප්‍රේම සබඳකම් පවත්වන බවත්, එම හේතුවෙන් බහින්බස්වීම දීර්ඝ කාලයක් තිස්සේ පවතින එකක් බවත්ය.

මෙම ඝාතනයට පැමිණි අනෙක් පුද්ගලයා දැනට මාස කිහිපයකට පෙර බෝර දොළහ ගිනි අවියක් සමග වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් වන අතර මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් වැලිපැන්න පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, වැලි පැන්න පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?