ජනාධිපතිවරයා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යය බලා පිටව ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේ.
ඒ අනුව ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයන් දරණ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබෙනවා .
මේ අතර වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම ව පත්කර තිබෙනවා.
ජනාධිපතිවරයා අදාළ සංචාරය නිමා කරමින් නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම වලංගු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1