”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්නේ නැති බව ජනපති කිව්වා” – රාසමාණික්කම් (වීඩියෝ හා ඡායාරූප)

රට තුළ කිසිදු අයුරකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට තමන් කැමැත්තක් නොදක්වන බවත්, ජාතිවාදය වපුරුවාලීම වැළැක්වීම සඳහා පමණක් එම පනත සක්‍රීය කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද (04) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවති අතර එය අවසන් වී පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම අද සාකච්ඡාවේ දී ද වැඩි වශයෙන් අවධානය යොමු වූයේ පසුගියදා ගංවතුරින් පීඩා විඳි ජනයා සම්බන්ධයෙන් බවත්, පෙර සිටි ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡා මාතෘකාවන් ද මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවත් හෙතෙම කියා සිටියා.

රට තුළ බලය බෙදීම , අතුරුදන් වූ පුද්ගලයින්, ඉඩම් ගැටලුව සහ යුද හමුදා කඳවුරු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවයි රාසමාණික්කම් මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම හමුවට සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට සහභාගී වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

WhatsApp Image 2024 12 04 at 20.23.38 1
WhatsApp Image 2024 12 04 at 20.23.38
WhatsApp Image 2024 12 04 at 20.23.37
WhatsApp Image 2024 12 04 at 20.23.36 1
WhatsApp Image 2024 12 04 at 20.23.36
WhatsApp Image 2024 12 04 at 20.23.35


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20