රුපියල් මිලියන 75 ඉක්ම වූ කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

රුපියල් මිලියන 75කට අධික දල විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය ගුරුනගර් හිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (04) අලුයම මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදියි.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 188යි ග්‍රෑම් 350ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය විසින් මෙම මෙහෙයුම සිදු කරන ලද අතර ඩිංගි යාත්‍රාවක අසුරා තිබූ කේරළ ගංජා තොගය සිදු කළ පරීක්ෂාවේදී සොයා ගත්තා.

ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත කේරළ ගංජා හා ඩිංගි යාත්‍රාව භාරදීමට කටයුතු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52