ලාංකිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද විදෙස් ජාතිකයින් 13කට නියෝගයක්

පරිගණක දත්ත පද්ධති හරහා මෙරට ජනතාවගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එම ගිණුම්වල තිබූ රුපියල් කෝටි ගණනක මුදල් වංචා සහගතව ලබාගත් බව කියන මෙරට රැඳී සිටින විදේශීය ජාතිකයන් 13 න් දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (04) නියෝග කළා.

සෑම මසකම ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට සිද්ධියට අදාළ තොරතුරු එසේ ලබාදෙන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදාහැර සිටින සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට අධිකරණය මගින් පෙර නඩු වාරයේදී නියෝගයක් නිකුත් කර ඇතත් ඔවුන් එම නියෝගය පැහැර හැර ඇති බැවින් ඔවුන්ට නැවතත් එම නියෝගය ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

නිර්නාමික සමාගම් තුනකින් වීසා ලබාගෙන මෙම සැකකරුවන් පිරිස මෙරටට පැමිණ ඇති බවත් ඒ අතර පිරිමි පුද්ගලයන් එකොළොස් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු සිටින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

ඔවුන් එසේ වීසා ලබාගෙන මෙරටට පැමිණ ඇත්තේ මෙරට ජනතාවගේ බැංකු පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා සහගතව ලබා ගැනීමේ අරමුණින්ම බවට දැනට සිදු කරනු ලබන විමර්ශනවල දී අනාවරණය වන බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

එම සිද්ධියට අමතරව මෙම සැකකරුවන් පිරිස මෙරට සංසරණය වන අසභ්‍ය දර්ශන විදෙස් රටවල වෙබ් අඩවිවලට විකුණා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළා.

බොරැල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් මොවුන් මෙම වංචා සහගත සිද්ධීන් සිදුකර ඇති බවත් ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32