Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ලාංකිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද විදෙස් ජාතිකයින් 13කට නියෝගයක්

පරිගණක දත්ත පද්ධති හරහා මෙරට ජනතාවගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී එම ගිණුම්වල තිබූ රුපියල් කෝටි ගණනක මුදල් වංචා සහගතව ලබාගත් බව කියන මෙරට රැඳී සිටින විදේශීය ජාතිකයන් 13 න් දෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (04) නියෝග කළා.

සෑම මසකම ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට සිද්ධියට අදාළ තොරතුරු එසේ ලබාදෙන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදාහැර සිටින සැකකරුවන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට අධිකරණය මගින් පෙර නඩු වාරයේදී නියෝගයක් නිකුත් කර ඇතත් ඔවුන් එම නියෝගය පැහැර හැර ඇති බැවින් ඔවුන්ට නැවතත් එම නියෝගය ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

නිර්නාමික සමාගම් තුනකින් වීසා ලබාගෙන මෙම සැකකරුවන් පිරිස මෙරටට පැමිණ ඇති බවත් ඒ අතර පිරිමි පුද්ගලයන් එකොළොස් දෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු සිටින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

ඔවුන් එසේ වීසා ලබාගෙන මෙරටට පැමිණ ඇත්තේ මෙරට ජනතාවගේ බැංකු පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා සහගතව ලබා ගැනීමේ අරමුණින්ම බවට දැනට සිදු කරනු ලබන විමර්ශනවල දී අනාවරණය වන බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

එම සිද්ධියට අමතරව මෙම සැකකරුවන් පිරිස මෙරට සංසරණය වන අසභ්‍ය දර්ශන විදෙස් රටවල වෙබ් අඩවිවලට විකුණා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කළා.

බොරැල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් මොවුන් මෙම වංචා සහගත සිද්ධීන් සිදුකර ඇති බවත් ලද තොරතුරකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඬුවම් දීපු දුමින්ද සිල්වට මේ ආණ්ඩුව දැන් වෙන විදිහකින් දඬුවම් කරනවා
02:55
Video thumbnail
පොංගල් සමරන්න බැරුව අසරණ වෙන ජනතාව
05:54
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47
Video thumbnail
ජනතාව අපේ ආණ්ඩුව ගැන ගොඩක් සතුටින් - නියෝජ්‍ය ඇමති මාධ්‍යට කියයි
09:10
Video thumbnail
පොංගල් කන්නවත් මිනිස්සුන්ට හාල් නෑ
04:47

?