සමගියේ අවුල අවසන් – ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර නම්කරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තුව මේ වනවිට සකසා අවසන් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා.

ඊයේ (29) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ සජීවී දේශපාලන වැඩසටහනට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගැනීම යම් ක්‍රියාමාර්ගයක් ඔස්සේ සිදුකර බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව එළඹෙන 03 වනදා පාර්ලිමේන්තු සභාවාරයට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් යොමු කිරීමේ හැකියාව ඇති බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සමගි ජන බලවේගයේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුර 05ක් හිමි වූ අතර, එම මන්ත්‍රී දුර පහ බෙදාගැනීමේ දී පක්ෂය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණා.

ඒ, අතර වාරයේ හිමිව තිබූ ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුර පහෙන් එක මන්ත්‍රී ධුරයක් සඳහා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරනු ලැබුවා.

කෙසේ වෙතත් ඉතිරිව තිබූ මන්ත්‍රී ධුර හතර සඳහා අදාළ මන්ත්‍රීවරුන් පත්කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
13
+1
216
+1
10
+1
12
+1
16
+1
35
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35
Video thumbnail
අනුර තෙන්නකෝන්ගෙන් 15 හැවිරිදි සූර්යවංශිට උපදෙසක්
00:41
Video thumbnail
අපේ මහින්ද මහත්තයාගේ කාලයේ මෙහෙම නෑ
00:48
Video thumbnail
බිලියන ගණනක ඔට්ටු අල්ලන ෆිෆා ලෝක කුසලානය
01:29
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි - "අල්ලලා දෙසරයක් පොළොවේ ගැ#වා"
02:42
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යංශය සැලකියයුතු මට්ටමට විනාශ කරලා තිබ්බේ - ඇමති නලින්දගෙන් සැර කතාවක්
01:45
Video thumbnail
තෙල් මිල අඩුවෙයිද? වැඩිවෙයිද ? ලෝක වෙළෙඳපොළේ මිල අඩු කළාම ලංකාවේ තෙල් මිල අඩු කරනවා
01:33