Empty Ad
AFC Banner
Empty Ad

අයහපත් කාලගුණයෙන් සිදු වූ පළමු මරණය බණ්ඩාරවෙලින් වාර්තා වෙයි

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පළමු මරණය බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිවසක බැම්මක් කඩා වැටීම හේතුවෙන් කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

අද (26) උදෑසන 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මොවුන් උදෑසන නිවසේ නිදා සිටි අවස්ථාවේ පැති බැම්මක් නිවස මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළා.

මිය ගිය කාන්තාව මළ සිරුර බණ්ඩාරවෙල රෝහලේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම අවහිර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.

නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගස් සහ ගල් කඩාවැටීම් හේතුවෙන් මෙම මාර්ග අවහිරව ඇති බවයි එම ඒකකය පැවසුවේ.

ඒ, අනුව බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරිමණ්ඩලය අසල, හපුතලේ – බෙරගල මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගයේ තුනේ කණුව, බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගයේ හතේ කණුව, බිබිල – ලුණුගල මාර්ගයේ අරවාකුඹුර යන ස්ථානවලින් මාර්ග අවහිර වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?