YOLO Apartment City හි නවමු අත්දැකීම් විඳගන්න ඔබත් එන්න (ඡායාරූප)

සාමාන්‍ය ජීවන රටාවෙන් මිදී, නවමු අත්දැකීමක් විඳගැනීම සඳහා ඔබ සූදානම් ද?

ඔබේ ඒකාකාරී ජීවිතයෙන් මිදී වෙනසක් වැළඳගන්නට කැමති ඔබ වෙනුවෙන්ම, ප්‍රයිම් සමුහයේහි නවතම YOLO Apartment City අත්දැකීම එම සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.

YOLO: ඔබේ ජීවිතය සදහටම වෙනස් කරන සුවිශේෂී ගමනක ඇරඹුම වනු නොඅනුමාන බව දක්වමින් විශේෂ නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කෙරුණා.

” You Only Live Once – YOLO” යන්න හුදු පාඨයක් පමණක් නොව YOLO හිදී එය ඔබගේ සාමාන්‍ය ජීවන රටාව බවට පත්වනු ඇත. කෙටියෙන්ම කියතොත්, YOLO යනු ඔබට කෙදිනකවත් අත්හැර යාමට නොසිතෙන අද්විතීය entertainment zone එකකින් ද සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රථම අති නවීන Apartment city ලෙසටයි ඉතිහාසගත වන්නේ.

YOLO Apartment City නිවාස 476 කින් සමන්විත වන අතර, අක්කර 13 ක් පුරා විහිදී ඇති නිසංසල වටපිටාවක පිහිටා තිබෙනවා.

YOLO හි සිට කොළඹට කිලෝමීටර් 10ක් දුරින්, සියලුම වාණිජ අවශ්‍යතාවයන්ට තෝතැන්න වූ කිරිබත්ගොඩ නගරයට මිනිත්තු 10 ක දුරින්, දිවයිනේ ප්‍රධාන නගර වෙත ඔබව ගෙන යන අධිවේගී මාර්ග ජාලයේ කඩවත පිවිසුමට ක්ෂණිකව යා හැකි කිලෝමීටර් 4.5 ක දුරින් මෙන්ම, කටුනායක අධිවේගී පිවිසුමට මිනිත්තු 15 ක දුරින් ස්ථානගත වී තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබගේ සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියටම ඇතුළත් කොට නිර්මාණය කර තිබෙන උසස් තත්ත්වයේ බෝලින් පථයක (Bowling Alley) , බෝලින් ක්‍රීඩාවේ විනෝදය අත්විඳීමට අවස්ථාව හිමිව තිබෙනවා.

අති නවීන එළිමහන් සිනමා පීඨයක නවමු අත්දැකීම ලබා ගැනීමටත්, නවීනත්වයෙන් යුතුව නිමැවුණු පහසුකම් රැසක් අතරට Coffee shop, Sky Lounge, Gym, Cross fit Center, Karaoke Bar, Single Bounce Peddle Court, Coin Operated Laundry මෙන්ම සුපිරි වෙළඳසැලක් වැනි බොහෝ දෑ ද මීට ඇතුළත්.

ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනි, සඳමිණි පෙරේරා මහත්මිය මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇගේ දැඩි උද්‍යෝගය ද පළ කරමින් ප්‍රකාශ කළේ “YOLO ව්‍යාපෘතිය බොහෝ අංශයන්ගෙන් කැපී පෙනෙන ව්‍යාපෘතියක්. එය ප්‍රයිම් සමූහය සඳහා අති සාර්ථක දැවැන්ත ඉදිරි පියවරක් පමණක්ම නොව, සමස්ත ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේම සුවිසල් ජයග්‍රහණයක්. නව්‍යකරණයේ සහ විශිෂ්ට ජීවන රටාවක සුවිශේෂී බව එක් තැන් කරමින්, YOLO, “Playful Luxury” අසමසම අත්දැකීම ඔබ වෙත ලබා දෙන බව නොඅනුමානයි..” යනුවෙන්.

අදම YOLO ව්‍යාපෘතියෙන් ඔබගේ නිවහන වෙන්කරවා ගැනීමට ඒ සඳහා 070 – 5000-111 අංකයට ඇමතීම හෝ, නැතිනම් https://www.primelands.lk/ වෙත පිවිසීම සිදු කළ හැකියි.

GARDEN 01.effectsResult scaled
yellow.effectsResult scaled
BLUE FRONT.effectsResult scaled
03.effectsResult scaled
CO WORKING SPACE 002.effectsResult scaled
COFFEE 02.effectsResult scaled
GYM 01.effectsResult scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15