WHO තාමත් චීනයෙන් ඉල්ලනා කොවිඩ් වසංගතයේ සුල මුල

කොවිඩ් වසංගතය වූහාන් නගරයෙන් ආරම්භ වී වසර පහක් ගතවීමෙන් පසු එහි මූලාරම්භය පිළිබඳ දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලා තිබෙනවා.

“මෙය සදාචාරාත්මක සහ විද්‍යාත්මක අත්‍යාවශ්‍යතාවකි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, එය වැදගත් සංධිස්ථානයක සංවත්සරය ලෙසයි.

“රටවල් අතර විනිවිදභාවය, බෙදාගැනීම සහ සහයෝගීතාව නොමැතිව, අනාගත වසංගත සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට ලෝකයට නොහැක,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

වෛරසය ස්වාභාවික ව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බව බොහෝ විද්‍යාඥයෝ සිතනවා.

එහෙත් එය වුහාන්හි රසායනාගාරයකින් පිටතට පැමිණි බවට ඇතැම් සැකයන් පවතිනවා.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා නැහැ.

එමෙන්ම චීනය මීට පෙර සිටම කොරෝනා වෛරසය වූහාන් හි රසායනාගාරයකින් කාන්දු වූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී විද්‍යාඥන් කණ්ඩායමක් කියාසිටියේ කොවිඩ් වසංගතය රසායනාගාර කාන්දුවකින් නොව වෙළඳපොළක අලෙවි කරන ආසාදිත සතුන්ගෙන් ආරම්භ වී ඇති අතර එය සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

2020 ජනවාරි මාසයේදී වුහාන් නගරයෙන් එකතු කරන ලද සාම්පල සිය ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔවුහු මෙම නිගමනයට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?