VIP ලයිට් නිසා පොලිසියෙන් නැවැත්තූ අර්චුනා සිද්ධ වුණු දේ ගැන කට අරියි (වීඩියෝ)

තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් එය කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වී එය අවසන් ව පිටතට පැමිණෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

තමන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ දී රථ වාහන පොලිස් නිලධාරීන් තමන්ගේ රථය මාර්ග නීති උල්ලංඝනය කළ බවට පවසමින් නතර කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

එහිදී තමන්ට පෙන්වීමට පාර්ලිමේන්තු හැඳුනුම්පත හා අනෙකුත් ලියකියවිලි නොතිබූ බවත්, එම ලියකියවිලි ලැබුණේ අද බවත් හෙතෙම වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

තමන් ඊයේ රාත්‍රියේ දී යාපනයේ සිට කොළඹ දක්වා තනියම කිසිදු ආරක්ෂාවක් හෝ නොමැතිව එක දිගට සිය වාහනය ධාවනය කරගෙන පැමිණීම හේතුවෙන් VIP ලාම්පුව වාහනයේ ඉදිරියෙන් දල්වා පැමිණියේ අනතුරක් වුවහොත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යැයි හඳුනාගැනීමටත් බවත් අර්චුනා මහතා මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?