VAT බදු රජයට නිසි පරිදි ලැබෙන්නේ ද යන්න තහවුරු කර ගන්න ක්‍රමවේදයක් හදන්න උපදෙස්

විවිධ භාණ්ඩ සඳහා මහජනතාව විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබෙනවා.

වර්තමානය වන විට එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ආයතන 13000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මගින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බවයි ඊට පිළිතුරු ලබාදෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී කියාසිටියේ. මහජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019,2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීකෂාව සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

RAMIS පරිගණක පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටම භාර ගෙන පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවා ද යන්න සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. තවමත් අදාළ මානව සම්පත නිසියාකාරව නොලැබීම මත එම පද්ධතිය භාර ගෙන පවත්වාගෙන යාමට නොහැකි බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දන්වනු ලැබුවේ.

RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වෙමින් ආයතන 6ක් කටයුතු කරන අතර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යම් තාක්ෂණික හේතුවක් මත තවමත් RAMIS පද්ධතිය හා සම්බන්ධ වීමට ප්‍රමාද වී ඇති බව ද කාරක සභාවේදී අනාවරණය වුණා. ඒ අනුව වහාම තමන්ගේ පද්ධතියේ අදාළ යාවත් කාලීන කිරීම් සිදුකරමින් RAMIS පද්ධතිය හා සම්බන්ධවීමට කටයුතු කරන ලෙසටයි කාරක සභාව සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලැබුවේ. එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන ජනවාරි මස පළමු වැනිදාට පෙර කාරක සභාවට යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

වර්තමානය වන විට වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ අය කරන බදු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙන්ම අයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943ක් වූ හිඟ බදු මුදල් පිළිබඳව ද සම්පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරනු ලැබුවා. 2023 වසරේ මේ වන තෙක් නව බදු ගෙවන්නන් 198,253ක් පමණ ලියාපදිංචි කර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. වයස 18ට වැඩි පුරවැසියන් මිලියන 16ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඇතුලත් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?