VAT බදු රජයට නිසි පරිදි ලැබෙන්නේ ද යන්න තහවුරු කර ගන්න ක්‍රමවේදයක් හදන්න උපදෙස්

විවිධ භාණ්ඩ සඳහා මහජනතාව විසින් ගෙවනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) රජයට නිසියාකාරව ලැබෙනවා ද යන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර තිබෙනවා.

වර්තමානය වන විට එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ආයතන 13000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර එම ආයතන මගින් අදාළ බද්ද රජයට ගෙවීම පිළිබඳව විමර්ශන කරන බවයි ඊට පිළිතුරු ලබාදෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් මෙහිදී කියාසිටියේ. මහජනතාවගෙන් VAT අය කරන ආයතන එම බදු නිවැරදිවම රජයට ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කාරක සභාව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ජා කෙරුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2019,2020, හා 2021 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පරීකෂාව සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

RAMIS පරිගණක පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටම භාර ගෙන පවත්වාගෙන යාමේ හැකියාවක් පවතිනවා ද යන්න සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. තවමත් අදාළ මානව සම්පත නිසියාකාරව නොලැබීම මත එම පද්ධතිය භාර ගෙන පවත්වාගෙන යාමට නොහැකි බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට දන්වනු ලැබුවේ.

RAMIS පරිගණක පද්ධතියට සම්බන්ධ වෙමින් ආයතන 6ක් කටයුතු කරන අතර සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යම් තාක්ෂණික හේතුවක් මත තවමත් RAMIS පද්ධතිය හා සම්බන්ධ වීමට ප්‍රමාද වී ඇති බව ද කාරක සභාවේදී අනාවරණය වුණා. ඒ අනුව වහාම තමන්ගේ පද්ධතියේ අදාළ යාවත් කාලීන කිරීම් සිදුකරමින් RAMIS පද්ධතිය හා සම්බන්ධවීමට කටයුතු කරන ලෙසටයි කාරක සභාව සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලැබුවේ. එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන ජනවාරි මස පළමු වැනිදාට පෙර කාරක සභාවට යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

වර්තමානය වන විට වර්ගීකරණයන් කිහිපයක් ඔස්සේ අය කරන බදු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙන්ම අයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943ක් වූ හිඟ බදු මුදල් පිළිබඳව ද සම්පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසටයි සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේ.

නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරනු ලැබුවා. 2023 වසරේ මේ වන තෙක් නව බදු ගෙවන්නන් 198,253ක් පමණ ලියාපදිංචි කර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. වයස 18ට වැඩි පුරවැසියන් මිලියන 16ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඇතුලත් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14