හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ සිසුවෙක් හෝටලයක් තුළ දී පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙක්.
එම සැකකරුවන් පස්දෙනා වයස අවුරුදු 21-25ත් අතර වයස්වල පසුවන සිසුන් බවයි හෝමාගම පොලිසිය පැවසුවේ.
ඊයේ (09) රාත්‍රී හෝමාගම පොලිස් වසමේ මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයක අදාළ විශ්වවිද්‍යාලයේ සිසුන් පිටිසක් මත්පැන් සාදයක් පවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එහිදී සාදයක් අතරතුර දී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වූ සිසුවා වයස අවුරුදු 19ක නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා අද (10) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.













