පාර්ලිමේන්තුව අද රැස්වෙයි – බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

පාර්ලිමේන්තුව අද (10) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

අද (10) දිනයේ දී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙනුයි බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ.

සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted