ගමබිම් බලා යන ජනතාවට අතිරේක බස් සේවාව අද සිට – අයකිරීම බස් ගාස්තුව මෙන් එකහමාරක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමබිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව උදෙසා අද (10) දිනයේ සිට අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා පැවසුවේ මෙලෙස යොදවන අතිරේක බස් රථවලින් බස් ගාස්තුව මෙන් එකහමාරක් අයකරන බවයි.

‘විශේෂිත අවුරුදු සේවාව’ ලෙස යොදවන එම අතිරේක බස් රථවලට නැවත පැමිණීමට මගීන් නොමැතිවීම හේතුවෙන් මෙලෙස ගාස්තුව මෙන් එකහමාරක් අයකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කරන බස් රථ සේවාව නොනගතය දක්වා ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.

මේ අතර මේ දිනවල මගීන් බස් රථවල ගමන් කරන ප්‍රමාණයේ 25-30% පමණ අඩු වී ඇති බව සදහන් කරන සභාපතිවරයා පවතින උෂ්ණාධික කාලගුණය මීට හේතු වී ඇති බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03