Update – හෙරොයින් සහ අයිස් තොගයක් සමඟ ඇල්ලූ බහුදින ධීවර යාත්‍රා දෙක හෙට ගොඩබිමට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රා දෙක හෙට (25) දිනයේ දී ගොඩබිමට රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක නාවික හමුදාව විසින් සිට භාරයට ගැනුණා.

අදාළ බහුදින ධීවර යාත්‍රා දෙකේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270කට වැඩි ප්‍රමාණයක් ඇති බවට සැකකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම මෙහෙයුමේ දී බහුදින ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 11 දෙනෙක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු පළමුව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.

එම යාත්‍රාවේ සිටි සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන තවත් යාත්‍රාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිථලයක් ලෙස තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හයදෙනෙකු සහ සන්නිවේදන උපකරණ ද එහිදී භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05