Update – වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් කැකිරාවේ දී ඇල්ලූ මෙහෙයුම

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගිය 22 වනදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අද (26) අලුයම් කාලයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැලසුම් සහගත මෙහෙයුමකින් පසු අනුරාධපුර, කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ සැකකරුවන් සැඟව සිටින බවට තොරතුරක් ලැබුණු බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව එම කොට්ඨාසයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්ගේ ද සහාය සහිතව අද (26) දින අලුයම් කාලයේ දී කමතක් සඳහා භාවිත කරන ලද, අත්හැර දමන ලද නිවසක් සහිත ඉඩමක් වටලා තිබෙනවා.

එහිදී සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට පහසුකම් සලසන ලද එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සමඟ සිටි තවත් පුද්ගලයින් කිහිපදෙනෙක් සහ පොලිස් නිලධාරින් අතර පොර බැදීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී අපරාධයට අවශ්‍යව කර සිටින සැකකරුවෙක් පළාගොස් ඇති අතර, එම පොර පොරබැදීමේ දී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

පළාගොස් ඇත්තේ කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි හක්‌මන පරන ලියනගේ නුවන් තාරක නැමැති සැකකරු බවයි පොලිසිය සඳහන් කළේ.

පළාගිය මෙම සැකකරු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබූ වෙඩික්කරු බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මේ අතර සැකකරුවන් විසින් අපරාධයට භාවිත කරන ලද යතුරුපැදිවලින් එක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහකට අධික මුදල් ප්‍රමාණයක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගන්නා උපකරණ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, දකුණු පළාත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යංශ, මාතර හා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා නිලධාරීන් ඒකාබද්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
14
+1
3
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?