යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා මියගොස් ඇත්තේ සියදිවි හානිකර ගැනීමකින් බව පොලිසිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් ඔහුගේ බිරිඳ සහ දරුවා ද නිවස තුළ මියගොස් සිටිය දී සොයාගත් බවයි.
පොලිසිය පවසන්නේ ඊයේ (28) රාත්‍රියේ කාලයත් අද (29) අලුයම් කාලයත් අතර තුර පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සියදිවි නසාගෙන ඇති බවත්, තවත් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් ඇති බවටත් ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා වයස අවුරුදු 52ක පුද්ගලයෙක් වන අතර, මියගොස් සිටින ඔහුගේ බිරිඳ වයස අවුරුදු 44ක තැනැත්තියක්.
මියගොස් සිටිය දී සොයාගත් ඔවුන්ගේ දියණිගේ වයස අවුරුදු 17ක් බවයි පොලිසිය පවසන්නේ.
බිරිඳ සහ දියණියගේ මරණ වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.





