Update – මුහුදේ පාවී ආ බෝතලය මත්පැන් යැයි සිතා පානය කළ පසු මියගිය ධීවරයින් ගණන ඉහළට

මුහුදේ පාවෙමින් තිබිය දී හමු වූ බෝතලයක තිබූ ද්‍රවණයක් මත්පැන් බව සිතා පානය කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ ධීවරයින්ගේ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ පසුගිය දා තංගල්ල ධීවර වරායෙන් බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයින් පිරිසක්.

ධීවරයින් හයදෙනෙක් මෙම බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර, තවත් ධීවරයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ධීවර බෝට්ටුවේ සිටින ධීවරයින් කඩිනමින් ගොඩබිමට ගෙනවිත් දෙන ලෙස බලධාරීන්ට බලකරමින් ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ – කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතවක් ද පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?