UPDATE: මාවඩිපල්ලි ප්‍රදේශයේ අතුරුදන් වූ සයදෙනා ම සිසුන් – රියදුරු පලා ගිහිං

අම්පාර – කාරතිව් මාවඩිපල්ලි ප්‍රදේශයෙන් ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් ජල පහරට හසු වී පෙරළී ගියේ ඊයේ (26) රාත්‍රියේ දීයි.

මෙම අනතුරින් පුද්ගලයින් සයදෙනෙකු අතුරුදන් වුණා.

මෙලෙස අතුරුදන් වූ සයදෙනා ම පාසල් සිසුන් බවයි පොලිසිය පැවසුවේ.

දැඩි වර්ෂාපතනයක් සමග මාර්ගය ජලයෙන් යට වී ඇති අවස්ථාවක ඉතා අවදානම්සහගතව ට්‍රැක්ටර් රථ රියදුරු විසින් සිය රථය මගීන් සමග ම ජල පහරේ පැදවීමට උත්සාහ කර තිබෙනවා.

ජල පහරේ පීඩනයට ට්‍රැක්ටර් රථය පෙරළී ගොස් ඇති අතර ඒ වනවිට මගීන් 13 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බවත් හෙළි ව තිබෙනවා.

අනතුරින් සිසුන් ඇතුළු සියලු දෙනාම ගංවතුරේ ගසාගෙන ගොස් ඇති බවත් ඉන් 05 දෙනෙකු බේරා ගැනුණ ද, සය දෙනෙකු මෙතෙක් අතුරුදන් බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහායක පලා ගොස් සැඟව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මද්‍රසා පාසලක් නිමාවට පත් වී නිවෙස් බලා ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අතුරුදන් වූවන් සොයා නාවික අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?