Update – බොරැල්ලේ අනතුර සිදුකළ දොඹකරයේ හිමිකරුත් අත්අඩංගුවට – තුවාල ලැබූවන් අතර පොලිසියේ දෙදෙනෙක්

බොරැල්ල කනත්ත ආසන්නයේ අද (28) උදෑසන සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන්, අනතුර සිදුකළ දොඹකරයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති එම පුද්ගලයා හෙට (29) දිනයේ කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම අනතුර සම්බන්ධයෙන් දොඹකරය පැදවූ රියදුරු ද අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු ද එම අධිකරණයට හෙට දිනයේ ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු දොඹකරයේ රියදුරු වෛද්‍ය පරික්ෂාවකට යොමු කෙරුණු අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු ගංජා පානය කර සිට ඇති බවට එහිදී හෙළිව තිබෙනවා.

දොඹකරයක් පාලනයෙන් ගිලිහී මර්ගයේ ගමන්ගත් තවත් රථ වාහන කිහිපයක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලැබුවා.

එලෙස තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් අපරාධ වාර්තා කොට්ඨාසයට සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් මියගිය පුද්ගලයා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 62ක පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ දොඹකරයේ රියදුරුගේ නොසැලකිලිමත්කම සහ අපරික්ෂාකාරී රිය ධාවනය බවයි.

අනතුරින් මෝටර් රථ තුනකට සහ යතුරුපැදි 06කට බරපතළ හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
7
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22