Update – පූනාගල නාය යාමෙන් 300ක් අවතැන් – රෝහල් ගතකළ පහකගේ තත්ත්වය බරපතලයි (ඡායාරූප)

බණ්ඩාරවෙල – පූනාගල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ඊයේ (19) රාත්‍රියේ සිදු වූ නාය යෑමෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ මේ වනවිට අවතැන්ව ඇති බව වාර්තා වනවා.

එම පිරිස් මේ වනවිට පූනාගල අංක 03 දෙමළ විද්‍යාලයේ රඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (19) පස්වරුවේ සිට එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ රාත්‍රී 8.00 පමණ පැමිණි විශාල ජල පහරක් සමඟ සේදී ආ ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාස රැසකට දැඩි හානි සිදු වුණා.

එහිදී වෙළෙඳසැලක් සහ වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් බරපතල තත්ත්වයේ පසුවූ පුද්ගලයින් පස්දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පසුව අනාවරණය වුණේ.

මේ අතර නාය යාමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, කොස්ලන්ද පොලීසිය, ලියන්ගහවෙල පොලිසීය, බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය සහ දියතලාව යුධහමුදා නිළධාරීන් පැමිණ රෝගීන් රෝහලට ඇතුලත් කර අනතුර සහිත නිවාසවල පුද්ගලයින් ආරක්ෂිත ස්ථානවලට යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?