AFC Banner
AFC Banner
Empty Ad

Update – ප්‍රධාන ගංඟා කිහිපයක් පිටාර ගලයි – ප්‍රදේශ රැසකට ගං වතුර (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංඟා කිහිපයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් පිටාර ගලා තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද (02) උදෑසන කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් බියගම – කැළණි මාර්ගයේ මල්වාන හන්දිය ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම ගිං ගඟ ගාල්ල – මාපලගම ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගලමින් පවතින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් මාපලගම ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතින අතර, මාපලගම – පිටිගල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් යට වී තිබෙනවා.

අද (02) උදෑසන 9.00 වන විට ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ අගය මීටර් 04.22ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් හක්මන – මුලටියන මාර්ගය දෙයියන්දර ඕවිලාන ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් කොටපොල සිට මුලටියන හරහා මාතර මාර්ගය මාකඳුර නගරයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිටිනාමලුව මහවැව පිටාරගැලීම නිසා තංගල්ල – බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යට වී ඇති බව මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?