Update – පහළ කඩුගන්නාව නාය යාමෙන් සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් මුදාගනී

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් මුදාගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින අනෙක් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

අද (22) උදෑසන සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 31ක ගල්අමුණ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අනතුර හේතුවෙන් A 01 මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා මාර්ගය තාවකාලිකව වසා ඇති අතර කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථවාහන රඹුක්කන ගලගෙදර හරහා මහනුවර දෙසටද, මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන ඉහත විකල්ප මාර්ගයම භාවිතා කරන ලෙසටත්, ගම්පොළ සිට කොළඹ දක්වා පැමිණෙන රථවාහන හා කොළඹ සිට ගම්පොළ දක්වා පැමිණෙන රථවාහන මාවනැල්ල හෙම්මාතගම හරහා මාර්ගය භාවිතා කරන ලෙසටත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සඳහා අධිවේගී මාර්ගය භාවිත කළ හැකි බවට පොලිසිය රියදුරන් හා මහජනතාව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38