AFC Banner
Empty Ad
Empty Ad

UPDATE:- දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය බඩෝවිට ඝාතනයේ තවත් පටලැවික් දැයි සැකයක්

ඊයේ (18) රාත්‍රියේ දී දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙළෙඳසැල් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට (19) තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මරණකරු කඩදත – නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නාගසාමි විශ්වනාදන් නොහොත් ආනන්ද යන අය බවත් හෙතෙම දෙහිවල ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළි ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා ඊයේ දින සිය අවන්හලේ සිටින අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේවෙතත් පොලිසිය පැවසුවේ; වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන අංක BFY – 0898 දරණ යතුරුපැදිය කිරුලපන ඉන්ධන පිරවුම් හල අසල දමා ගොස් තිබියදී සොයා ගත් බවයි.

ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා බඩෝවිට අසංක යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් ගනුදෙනු හසුරු වන පුද්ගලයකු වන බවත්; පසුගිය දින බඩෝවිට දී ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අවමඟුල් උත්සවයට අද දින ආහාර පර්සල් 450 ක් ලබා දී ඇති බවත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එබැවින් මෙම වෙඩි තැබීම බඩෝවිට ඝාතනයට සම්බන්ධයක් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?