UPDATE:- දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය බඩෝවිට ඝාතනයේ තවත් පටලැවික් දැයි සැකයක්

ඊයේ (18) රාත්‍රියේ දී දෙහිවල ප්‍රදේශයේ සිදු වූ වෙළෙඳසැල් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට (19) තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මරණකරු කඩදත – නැදිමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නාගසාමි විශ්වනාදන් නොහොත් ආනන්ද යන අය බවත් හෙතෙම දෙහිවල ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති බවත් හෙළි ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා ඊයේ දින සිය අවන්හලේ සිටින අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පැමිණ වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

කෙසේවෙතත් පොලිසිය පැවසුවේ; වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන අංක BFY – 0898 දරණ යතුරුපැදිය කිරුලපන ඉන්ධන පිරවුම් හල අසල දමා ගොස් තිබියදී සොයා ගත් බවයි.

ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා බඩෝවිට අසංක යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් ගනුදෙනු හසුරු වන පුද්ගලයකු වන බවත්; පසුගිය දින බඩෝවිට දී ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අවමඟුල් උත්සවයට අද දින ආහාර පර්සල් 450 ක් ලබා දී ඇති බවත් සිදු කළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

එබැවින් මෙම වෙඩි තැබීම බඩෝවිට ඝාතනයට සම්බන්ධයක් ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17