UPDATE: දූරියන් නිසා වෙඩි කා මළ තරුණයා – ඥාතීන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

මීරිගම – බෝතලේ පහළගම ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ දූරියන් වත්තක දී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, 18 හැවිරිදි වියෙහි පසුවූ අක්කර 20 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි.

මරණකරු ඇතුළුව තවත් තරුණයින් තිදෙනෙකු එම ප්‍රදේශයේ දූරියන් වත්තකට හොර රහසේ ඇතුල් වූ අවස්ථාවේ දී වත්තේ මුරකරු යැයි පවසන තැනැත්තෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි පහරින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් සෙසු දෙදෙනා පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

වෙඩි තැබූ බව කියන වත්තේ මුරකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ අතර මරණකරුගේ ඥාතීන් හා මීරිගම පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඊයේ සිදු වුණා.

ඥාතීන් චෝදනා කරන්නේ මියගිය පුද්ගලයා වහාම රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර පොලිසිය විසින් නොගත් බවයි.

වෙඩි වැදී පැය 04කින් පසුව පොලිසිය විසින් සුවසැරිය ගිලන් රථයක් කැඳවූ බවත් මියගිය පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ගිලන්රථය ආපසු හරවා ‍යැවූ බවටත් ඥාතීන් චෝදනා කරනවා.

මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07