UPDATE: දූරියන් නිසා වෙඩි කා මළ තරුණයා – ඥාතීන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

මීරිගම – බෝතලේ පහළගම ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ දූරියන් වත්තක දී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, 18 හැවිරිදි වියෙහි පසුවූ අක්කර 20 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇති බවයි.

මරණකරු ඇතුළුව තවත් තරුණයින් තිදෙනෙකු එම ප්‍රදේශයේ දූරියන් වත්තකට හොර රහසේ ඇතුල් වූ අවස්ථාවේ දී වත්තේ මුරකරු යැයි පවසන තැනැත්තෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි පහරින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවත් සෙසු දෙදෙනා පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

වෙඩි තැබූ බව කියන වත්තේ මුරකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මේ අතර මරණකරුගේ ඥාතීන් හා මීරිගම පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඊයේ සිදු වුණා.

ඥාතීන් චෝදනා කරන්නේ මියගිය පුද්ගලයා වහාම රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර පොලිසිය විසින් නොගත් බවයි.

වෙඩි වැදී පැය 04කින් පසුව පොලිසිය විසින් සුවසැරිය ගිලන් රථයක් කැඳවූ බවත් මියගිය පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ගිලන්රථය ආපසු හරවා ‍යැවූ බවටත් ඥාතීන් චෝදනා කරනවා.

මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?