UPDATE: දරුණු භූ කම්පන ද්විත්වයෙන් වූ ජීවිත හානි ගැන නිල තොරතුරක් නෑ – මියන්මාරය

මධ්‍යම මියන්මාරයට අද (28) උදෑසන බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

CNN මාධ්‍ය වාර්තා කරන්නේ පළමු භූ කම්පනය රික්ටර් මාපක 7.7ක් ලෙස සටහන් වූ බවත් දෙවැන්න සටහන් ව ඇත්තේ රික්ටර් මාපක 6.4ක් ලෙසයි.

එමෙන්ම මෙම භූ කම්පන සමග මධ්‍යම මියන්මාරයේ ඉදිකර තිබූ විශාල ගොඩනැගිලි ද බිමට කඩා වැටී තිබෙනවා.

බොහෝ ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ව සුන්බුන් අතරින් මුදාගනිමින් කඩිනමින් රෝහල් කරා ගෙන යමින් සිටින බවයි CNN මාධ්‍ය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයන්හි දැක්වෙන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව තායිලන්තයේ අගනුවර වන බැංකොක් සහ උතුරු චියැං මායි නගරය මෙන් ම චීනයේ යුනාන් සහ ගුවැන්සි පළාත් දක්වා ද කම්පන පරිමාණයන් දැනී තිබෙනවා.

USGS ට අනුව, මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12කට පමණ පසු මියන්මාරයට දෙවැනි භූ කම්පනය ඇති වී තිබෙන බවත් සඳහන්.

මියන්මාරයේ පවතින දේශපාලනික ව්‍යාකූලත්වය හේතුවෙන් භූ කම්පනයක් වැනි ස්වාභාවික ආපදා තත්ත්වයක් හටගැනීමත්, ඉන් පසුව එය කළමනාකරණය කරගත යුතු ආකාරයත් සම්බන්ධයෙන් සන්නද්ධ වූ ආරක්ෂක දැනුමක් නැතැයි ද ජාත්‍යන්තර ආපදා කළමනාකරණ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

හානිය පිළිබඳව මියන්මාරයෙන් මෙතෙක් නිල තොරතුරක් ලැබී නැතැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

මියන්මාර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

“අපි සෝදිසි කිරීම් ආරම්භ කර ඇති අතර තුවාලකරුවන් සහ හානි පිළිබඳ ව පරීක්ෂා කිරීමට යැංගොන් පීරමින් සිටිමු. මේ දක්වා අපට කිසිදු තොරතුරක් නොමැත..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36