Empty Ad
AFC Banner
Empty Ad

UPDATE: දරුණු භූ කම්පන ද්විත්වයෙන් වූ ජීවිත හානි ගැන නිල තොරතුරක් නෑ – මියන්මාරය

මධ්‍යම මියන්මාරයට අද (28) උදෑසන බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් විශාල දේපොළ හානියක් සිදු ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

CNN මාධ්‍ය වාර්තා කරන්නේ පළමු භූ කම්පනය රික්ටර් මාපක 7.7ක් ලෙස සටහන් වූ බවත් දෙවැන්න සටහන් ව ඇත්තේ රික්ටර් මාපක 6.4ක් ලෙසයි.

එමෙන්ම මෙම භූ කම්පන සමග මධ්‍යම මියන්මාරයේ ඉදිකර තිබූ විශාල ගොඩනැගිලි ද බිමට කඩා වැටී තිබෙනවා.

බොහෝ ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ව සුන්බුන් අතරින් මුදාගනිමින් කඩිනමින් රෝහල් කරා ගෙන යමින් සිටින බවයි CNN මාධ්‍ය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයන්හි දැක්වෙන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව තායිලන්තයේ අගනුවර වන බැංකොක් සහ උතුරු චියැං මායි නගරය මෙන් ම චීනයේ යුනාන් සහ ගුවැන්සි පළාත් දක්වා ද කම්පන පරිමාණයන් දැනී තිබෙනවා.

USGS ට අනුව, මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12කට පමණ පසු මියන්මාරයට දෙවැනි භූ කම්පනය ඇති වී තිබෙන බවත් සඳහන්.

මියන්මාරයේ පවතින දේශපාලනික ව්‍යාකූලත්වය හේතුවෙන් භූ කම්පනයක් වැනි ස්වාභාවික ආපදා තත්ත්වයක් හටගැනීමත්, ඉන් පසුව එය කළමනාකරණය කරගත යුතු ආකාරයත් සම්බන්ධයෙන් සන්නද්ධ වූ ආරක්ෂක දැනුමක් නැතැයි ද ජාත්‍යන්තර ආපදා කළමනාකරණ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

හානිය පිළිබඳව මියන්මාරයෙන් මෙතෙක් නිල තොරතුරක් ලැබී නැතැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

මියන්මාර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;

“අපි සෝදිසි කිරීම් ආරම්භ කර ඇති අතර තුවාලකරුවන් සහ හානි පිළිබඳ ව පරීක්ෂා කිරීමට යැංගොන් පීරමින් සිටිමු. මේ දක්වා අපට කිසිදු තොරතුරක් නොමැත..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?