Update – ඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝාතකයා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ සිදු වූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (23) දහවල් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී අධිකරණය විසින් සැකකරුව පැය 48ක කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඩෙල්ෆ් දූපතේ නෙඩුන්දෙවිල් ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (22) අලුයම ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර, තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන අරඹමින් පොලිසිය විසින් ඊයේ දිනයේදී ඩෙල්ෆ් දුපතේ බෝට්ටු සේවය ද නවතා දැමීමට පියවර ගැනුණා.

අනතුරුව සිදුකළ විමර්ශන වලදී අපරාධයට සම්බන්ධ සැකකරු යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු කුරිකට්ටුවාන් ප්‍රදේශයට බෝට්ටුවකින් පලා ගොස්, පසුව පුංකුඩතිව් ප්‍රදේශයේ මෙලෙස සැඟව ඇති බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඝාතන සම්බන්ධයෙන් 51 හැවිරිදි ජර්මන් පුරවැසිභාවය හිමි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු සන්තකයේ තිබී එම නිවසින් සොරාගත් රන් මාල 03ක්, මුදු 08ක්, අත් පළඳනා ඇතුළු රන් භාණ්ඩ රැසක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට සැකකරු ඝාතනය සඳහා යොදාගත් පිහිය ද එම නිවසේම තිබූ එකක් බවටයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.

මොහු මීට දින දෙකකට පෙර මෙම නිවසට පැමිණ ඇත්තේ ඩෙල්ෆ් දුපතේ සංචාරය කිරීමට පැමිණි අයෙකු ලෙසින්.

https://youtu.be/3KLSj-JVHWs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22