AFC Banner
Empty Ad
Empty Ad

Update – ඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝාතකයා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

ඩෙල්ෆ් දූපතේ නිවසක් තුළ සිදු වූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (23) දහවල් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී අධිකරණය විසින් සැකකරුව පැය 48ක කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඩෙල්ෆ් දූපතේ නෙඩුන්දෙවිල් ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් කපාකොටා පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (22) අලුයම ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර, තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන අරඹමින් පොලිසිය විසින් ඊයේ දිනයේදී ඩෙල්ෆ් දුපතේ බෝට්ටු සේවය ද නවතා දැමීමට පියවර ගැනුණා.

අනතුරුව සිදුකළ විමර්ශන වලදී අපරාධයට සම්බන්ධ සැකකරු යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනීමට කටයුතුකර ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු කුරිකට්ටුවාන් ප්‍රදේශයට බෝට්ටුවකින් පලා ගොස්, පසුව පුංකුඩතිව් ප්‍රදේශයේ මෙලෙස සැඟව ඇති බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ඝාතන සම්බන්ධයෙන් 51 හැවිරිදි ජර්මන් පුරවැසිභාවය හිමි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු සන්තකයේ තිබී එම නිවසින් සොරාගත් රන් මාල 03ක්, මුදු 08ක්, අත් පළඳනා ඇතුළු රන් භාණ්ඩ රැසක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට සැකකරු ඝාතනය සඳහා යොදාගත් පිහිය ද එම නිවසේම තිබූ එකක් බවටයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.

මොහු මීට දින දෙකකට පෙර මෙම නිවසට පැමිණ ඇත්තේ ඩෙල්ෆ් දුපතේ සංචාරය කිරීමට පැමිණි අයෙකු ලෙසින්.

https://youtu.be/3KLSj-JVHWs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?