AFC Banner
AFC Banner
Empty Ad

UPDATE :ජනාධිපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත් ව ගොස් තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද (10) උදෑසන 10.10ට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 651 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල් නහ්යන් මහතාගේ ආරාධනාවක් පරිදි මෙම සංචාරය සිදු කෙරෙනවා.

මේ සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක් ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අද දින සිට 13 වැනි දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ගිවිසුම් ගණනාවකට ද එළැඹීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?