Update – ගලෙන්බිදුණුවැව ඛේදවාචකයෙන් බිරිඳත් ජීවිතක්ෂයට – තිදෙනෙක් රෝහලේ (වීඩියෝ)

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් සිය නිවසට පෙට්‍රල් දමා ගිනි තැබූ පුවතක් ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, පඩිකාරමඩුව ප්‍රදේශයෙන් අද (06) උදෑසන වාර්තා වුණා.

එහිදී නිවසට ගිනි තැබූ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මෙම සිද්ධියේ දී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ද අද (06) පෙරවරුවේ වේලාවකට පෙර මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රභාෂා සදමාලී ජයවර්ධන නමැති වයස අවුරුදු 36ක තැනැත්තියක්.

ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ 15 හැවිරිදි දියණියක්, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
12
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?