Update – කොළඹ – නුවර ප්‍රධාන මාර්ග ගනේතැන්න ප්‍රදේශයෙන් වැසේ (වීඩියෝ)

කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් පස් කන්දක් සහ ගල් කඩාවැටීමෙන් අද (22) උදෑසන අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් පසු කොළඹ – නුවර ප්‍රධාන මාර්ග ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මාර්ගය අසළ පිහිටි නිවසක් සහ වෙළඳසැලක් මතට මෙම පස් කන්දක් සහ ගල් කඩාවැටීම සිදුව තිබූ අතර, මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

සුන්බුන් අතර සිරවී සිටින තවත් කිහිපදෙනෙක් මුදාගැනීමට මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?