Update – කහවත්තේ ඝාතනයට කුඩු ජාවාරමක් සම්බන්ධ බවට සැකයක් (වීඩියෝ)

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ වෙඩි තබා තරුණයෙක් ඝාතනය කළ සිද්ධිය මත්කුඩු ජාවරමක් පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීමක් මත සිදුවූවක් බව පොලිසිය සැකපළ කරනවා.

මෙහිදී තවත් තරුණයෙක් වෙඩි වැදී තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රි 9.00ට පමණ පැමිණි පිරිසක් නිවසේ සිටි තරුණයින් දෙදෙනෙක් ජිප් රථයකින් පැහැරගෙන ගොස් තිබෙනවා.

එලෙස පැහැරගෙන ගිය තරුණයින් දෙදෙනා අන්ඩාන පාරේ කොස්කෑල්ල ලයිමට පහළ පාළු ස්ථානයකට රැගෙන ගොස්
ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් එක් තරුණයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ කහවත්ත, බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

එනෙක් තරුණයාගේ පාදයකට වෙඩි වැදී ඇති අතර, මෙලෙස තුවාල ලබා ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?