Update – කහවත්තේ ඝාතනයට කුඩු ජාවාරමක් සම්බන්ධ බවට සැකයක් (වීඩියෝ)

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ වෙඩි තබා තරුණයෙක් ඝාතනය කළ සිද්ධිය මත්කුඩු ජාවරමක් පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීමක් මත සිදුවූවක් බව පොලිසිය සැකපළ කරනවා.

මෙහිදී තවත් තරුණයෙක් වෙඩි වැදී තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රි 9.00ට පමණ පැමිණි පිරිසක් නිවසේ සිටි තරුණයින් දෙදෙනෙක් ජිප් රථයකින් පැහැරගෙන ගොස් තිබෙනවා.

එලෙස පැහැරගෙන ගිය තරුණයින් දෙදෙනා අන්ඩාන පාරේ කොස්කෑල්ල ලයිමට පහළ පාළු ස්ථානයකට රැගෙන ගොස්
ඔවුන් දෙදෙනාට වෙඩි තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් එක් තරුණයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ කහවත්ත, බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

එනෙක් තරුණයාගේ පාදයකට වෙඩි වැදී ඇති අතර, මෙලෙස තුවාල ලබා ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක්.

ඔහු ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54