Update – එස්.එම්ගේ බඩ ඉරිඟු ඇට නඩුවේ පැමිණිලිකරුට නඩු 29ක් වැටිලා – උසාවියේ දී අනාවරණයක්

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් “දූෂණය” නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අගෝස්තු මස 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළා.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අල්ලස් කොමිසමට නියම කරනු ලැබුවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනි.. අදාළ බඩ ඉරිඟු බීජ තොගය තමන්ට හිතවත් පිරිස් වෙත බෙදාදීම සඳහා මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා සිය ආරක්ෂක නිලධාරීන් යවා ගොවි ජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ට බලපෑම් කර අනුමැතිය ලබාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම බීජ බෙදාදීමේ දී සම්මත පටිපාටියට පරිබාහිරව ගොස් තමන්ට අවශ්‍ය ආකාරයට එම කාර්යය මොහු විසින් සිදුකර තිබෙන බව හෙළි වී තිබෙනවා. මෙම නඩුවේ පැමිණිලිකරුට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් ආරක්ෂක තත්ත්වය පිළිබඳව තක්සේරුවක් සිදු කර තිබෙනවා. අවසන් තීන්දුවක් ගන්නාතුරු ඔහුට අන්තර් ආරක්ෂාවක් ලබාදීමටත් කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව තවදුරටත් ගොවි ජන සේවා මධ්‍යස්ථානවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් 70ක ගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. මෙම අවස්ථාවේ දී සැකකරුට ඇප ලබා දුනහොත් එම ප්‍රකාශ ලබාගැනීමට නියමිත පුද්ගලයින්ට ඔහු විසින් බලපෑම් සිදුකිරීමට හැකියාවක් තිබෙනවා.”

යනුවෙන් සඳහන් කළ එම නිලධාරියා එබැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල කරුණු ඉදිරිපත් කළා.

“ස්වාමීනී…මෙම සැකකරු ඉදිරිපත් කරමින් පසුගියදා අල්ලස් කොමිසම සඳහන් කළ කරුණු සියල්ලම අසත්‍යයි. අල්ලස් කොමිසම මිනිස්සුන්ව රිමාන්ඩ් කරන්න ඕන උනාම කටට එන ඕනෑම බොරුවක් කියනවා. අල්ලස් කොමිසම හිතාගෙන ඉන්නේ එයාලා නීතියට වගේම අධිකරණයටත් උඩින් ඉන්නවා කියලයි. මෙම නඩුවේ පැමිණිලිකරුට සැකකරු විසින් පහරදී බලපෑම් සිද්ධ කර තිබෙන බව අල්ලස් කොමිසම පසුගිය නඩු වාරයේදී ඔබතුමියට ප්‍රකාශ කර තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එම පහර දීමට සම්බන්ධයෙන් අනුරාධපුර අධිකරණයේ තිබෙන බී වාර්තාව මම අද ඉදිරිපත් කරනවා. එම බී වාර්තාවේ එස්.එම්.චන්ද්‍රසේනගේ නම කොතැනකවත් සඳහන් වෙලා නෑ. මේ පුද්ගලයාව රිමාන්ඩ් කරන්න තමයි අල්ලස් කොමිසම පසුගියදා මේ වගේ බොරුවක් කිව්වේ. අල්ලස් කොමිසම අද කරන්නේ මාධ්‍ය සංදර්ශන. 2014 වසරේ අනුරාධපුර දේශීය උග්‍ර නියඟයක් හටගත්තා. එම අවස්ථාවේදී බඩ ඉරිඟු ගොවීන් වගේම වී ගොවීනුත් දැඩි ලෙස අසීරුවට පත්වුණා. ඉන් පසුව ගොවීන්ගෙන් බලපෑමක් එල්ල වුණා සහන මිලට බඩ ඉරිඟු බීජ ලබාදෙන්න කියලා වගා කටයුතුවලට, එම අවස්ථාවේදී මේ සැකකරු කටයුතු කළේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට ගොවින් ඉල්ලූ පමණින් ඔහුට බීජ ලබාදන්න හැකියාවක් නෑ. ඔහු මේ ඉල්ලීම අමාත්‍යංශය ලේකම්වරයාට යොමු කළා. අමාත්‍යාංශය ලේකම්වරයා විසින් අනුරාධපුර දිසා ලේකම්වරයාගෙන් නිසි කරුණු විමසීමකින් පසුව තමයි මේ බීජ මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන් කළේ. මේ බීජ තමන්ගේ ආධාරකරුවන්ට විතරක් නෙවෙයි සැකකරු බෙදා දුන්නේ. පක්ෂ බේදයක් නැතුව සියලුම දෙනා අතරේ ඒවා බෙදා දුන්නා. ඒවා බෙදා දුන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. ඒ නිසා ඔහුට අවශ්‍ය ආකාරයට මේවා බෙදුවා කියලා අල්ලස් කොමිසම කරන චෝදනාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඉතිරි වූ බඩ ඉරිඟු තොග ආපසු ලබාදීලා තිබෙනවා. සැකකරු තම හිතුමතයට බෙදුවා නම් එහෙම කටයුතු කරනවද”

යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥ චමින්ද අතුකෝරළ තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලා සිටියා.

නැවතත් අල්ලස් කොමිසමේ නිලධාරීයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් වශයෙන් මෙම නඩුවේ පැමිණිලිකරුට නඩු 29 ක් පමණ ගොනු කර තිබෙන බව සඳහන් කරනු ලැබුවා.

ඒ, අනුව ග්‍රාම නිලධාරීන් හා ගොවිජන සංවර්ධන නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් එම නිලධාරියා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදුන් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරයා මියගොස් සිටින බවට විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කරන කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් එම නිලධාරියා පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
21
+1
1
+1
0
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22