AFC Banner
Empty Ad
Empty Ad

Update – ඉරාන ජනාධිපතිගේ අවසන් කටයුතු හෙට – දින 05ක ශෝක කාලයක්

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු මියගිය පිරිසේ අවසන් කටයුතු හෙට (21) දිනයේ ටැබ්රිස් හිදී සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉරාන රජයේ නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය මේ බව සඳහන් කළා.

මෘත දේහයන් සියල්ල ඊට පෙර ටැබ්රිස් හි අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉරාන ජනාධිපතිගේ වියෝව වෙනුවෙන් ඉරානය තුළ දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉස්ලාමීය විප්ලවයේ නායක අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඉරාන රතු කුරුස සංවිධානය නිවේදනය කළේ හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ අනෙක් පුද්ගලයින්ගේ සිරුරු අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සොයාගත් බවයි.

ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව ඉරාන හමුදා නිලධාරියෙක් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?