Update – ඉන්දු – පාකිස්ථාන තරගය හෙටට කල් යයි

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (10) දිනට අතර මඟ දී නවතා දමන්නට සිදු වුණා.

ඒ, ඉන්දීය ඉනිම අතර තුර තරගය පැවති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟයි.

කාසිය වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය ඉනිමේ 25 වන පන්දුවාර ක්‍රියාත්මක වෙමින් තිබිය දී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වුණා.

ඒ, අනුව විනිසුරුවරුන් තීරණය කළේ තාවකාලිකව තරගය අත්හිටුවන්නටයි.

වර්ෂාවෙන් අනතුරුව ක්‍රීඩාංගණය භාරව කටයුතු කරන සේවක මණ්ඩලය ක්‍රීඩාංගණය ආවරණය කර තිබූ වැසි ආවරණ ඉවත් කරමින් ක්‍රීඩා පිටිය වියළීමේ කටයුතු ඉතා යුහුසුළුව සිදුකරන ආකාරයයි දැකගත හැකි වුණේ.

කෙසේ වෙතත් ක්‍රීඩා පිටියට යළිත් වර්ෂාව පතිතවීමත් සමඟ තරගය හෙට (11) පස්වරු 3.00 දක්වා කල් දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ, අනුව මෙම තරගය අද (10) නවතා දැමූ තැන සිට හෙට (11) පස්වරු 3.00ට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිළ පන්දුවාර 24යි පන්දු 01ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියා.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් අතර ශතක සම්බන්ධතාවත් ගොඩනැඟුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?