Update – ඉන්දු – පාකිස්ථාන තරගය හෙටට කල් යයි

ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (10) දිනට අතර මඟ දී නවතා දමන්නට සිදු වුණා.

ඒ, ඉන්දීය ඉනිම අතර තුර තරගය පැවති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟයි.

කාසිය වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය ඉනිමේ 25 වන පන්දුවාර ක්‍රියාත්මක වෙමින් තිබිය දී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වුණා.

ඒ, අනුව විනිසුරුවරුන් තීරණය කළේ තාවකාලිකව තරගය අත්හිටුවන්නටයි.

වර්ෂාවෙන් අනතුරුව ක්‍රීඩාංගණය භාරව කටයුතු කරන සේවක මණ්ඩලය ක්‍රීඩාංගණය ආවරණය කර තිබූ වැසි ආවරණ ඉවත් කරමින් ක්‍රීඩා පිටිය වියළීමේ කටයුතු ඉතා යුහුසුළුව සිදුකරන ආකාරයයි දැකගත හැකි වුණේ.

කෙසේ වෙතත් ක්‍රීඩා පිටියට යළිත් වර්ෂාව පතිතවීමත් සමඟ තරගය හෙට (11) පස්වරු 3.00 දක්වා කල් දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ, අනුව මෙම තරගය අද (10) නවතා දැමූ තැන සිට හෙට (11) පස්වරු 3.00ට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවන විට පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිළ පන්දුවාර 24යි පන්දු 01ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියා.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් අතර ශතක සම්බන්ධතාවත් ගොඩනැඟුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14