ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් අනතුරින් විපතට පත්වූවන් තවත් සිටිනවා දැයි සොයා අද (05) උදෑසනත් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සහ හමුදා සාමාජිකයින් එක්ව මෙම මෙහෙයුම් ආරම්භ කළ බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.
කේබල් ආධාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් බස් රථයක වැටී ඇති ස්ථානයට ළඟා වී මෙම මෙහෙයුම්වල නිරතව න බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණීමෙන් සිටි තංගල්ල ප්‍රදේශයේ පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (04) රාත්‍රි 9.20 පමණ මර්ගයෙන් ඉවතට පැන අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.
තංගල්ල නගර සභාවේ පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වුණේ.
මෙම අනතුරුන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂය පත්වූ අතර, එම පිරිස අතර බස් රථය පැදවූ රියදුරු ද සිටින බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.





