Update – ඇල්ල බස් අනතුරින් විපතට පත්වූවන් තවත් සිටිනවා දැයි සොයා උදෑසනම මෙහෙයුම් අරඹයි (වීඩියෝ)

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් අනතුරින් විපතට පත්වූවන් තවත් සිටිනවා දැයි සොයා අද (05) උදෑසනත් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සහ හමුදා සාමාජිකයින් එක්ව මෙම මෙහෙයුම් ආරම්භ කළ බවයි ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

කේබල් ආධාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් බස් රථයක වැටී ඇති ස්ථානයට ළඟා වී මෙම මෙහෙයුම්වල නිරතව න බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණීමෙන් සිටි තංගල්ල ප්‍රදේශයේ පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (04) රාත්‍රි 9.20 පමණ මර්ගයෙන් ඉවතට පැන අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව තිබුණා.

තංගල්ල නගර සභාවේ පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරුන් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂය පත්වූ අතර, එම පිරිස අතර බස් රථය පැදවූ රියදුරු ද සිටින බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38