Update – ඇල්ල බස් අනතුරින් පසු පැතිර යන බොරු ප්‍රවෘත්තියක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් ද මියගොස් ඇති බවට සමාජ මාධ්‍යයේ විවිධ පුවත් හුවමාරු වනවා.

කෙසේ වෙතත් එලෙස මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි කිසිඳු පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්ව නොමැති බවයි ඇල්ල පොලිසිය තහවුරු කළේ.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මේ අතර මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය තහවුරු කළේ.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ දී ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රී 9.20ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
1
+1
6
+1
7
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?