ඇල්පිටිය පොලිස් වසමේ ඕමන්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (04) රාත්‍රී කාලයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත් පොලිසිය මේ වනවිට පවසන්නේ අදාළ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි.
ඇල්පිටිය පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් අදාළ නිවසේ සිදුකරන ලද විමර්ශනයේ දී මෙය වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ හානි කිරීමක් නොවන බවට අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව බටයක් වැනි යමකට වෙඩි බෙහෙත් සහ ගල්කැට යොදා (ඩප්පියක්) සකස් කර එය දමා ගැසීමෙන් පසු පුපුරා යාමෙන් සිදු වූ හානියක් බවටයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින අතර, අදාළ ස්ථානයෙන් හමුවූ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.





